Friday, July 17, 2020

ICT Online Class

Microsoft Teams Online Classes

           ICT විෂයය වෙනුවෙන් පැවැත්වෙන සජීවී online පාඩම් මේ වන විට පැවැත්වේ. පාඩම් පැවැත්වෙන්නේ Microsoft Teams මෘදුකාංගය හරහා වේ. පාඩම් සමග සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය සහිත Desktop හෝ Laptop පරිගණකයකි. ස්මාර්ට් දුරකථනය හරහාද සම්බන්ධ විය හැක. Desktop පරිගණකය භාවිතා කරන විට ශබ්දවලට සවන්දීමේ පහසුකම අත්‍යාවශ්‍ය වේ. පාඩම් පැවැත්වෙන දිනයේ අදාළ වේලාවේදී පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිස ගුරුවරයා විසින් ලබා දෙන වෙබ් ලිපිනය වෙබ් බ්‍රවුසරය තුළ ඇතුළත් කර පාඩම සඳහා සම්බන්ධ වන්න. 

Sunday, May 10, 2020

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - 05 වන කොටස

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - 05 වන කොටස

අද අපි හමුවන්නේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩමේ පස් වන කොටස සමගයි. ඔබට මතක ඇති අපි මීට පෙර කතා කළ මාතෘකා මොනාවාද කියන එක. අපි කතා කලා තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියේ පියවර පිළිබඳව. ඒ අනුව එහි පළමු පියවර වන අවශ්‍යතා හඳුනා ගැනීමේ අදියර අපි මීට පෙර කතා කලා.

 ඒ අනුව අපි අද පාඩමෙන් අද  එහි දෙවන අදියර කතා කරමු.

 එහි දෙවන අදියර තමයි,

(02) විසදුම් සැලසුම් කිරීම.(Designing the Solution)


අවශ්‍යතා හඳුනා ගැනීමේ පළමු පියවරේ දී අපි සිදුකළේ තොරතුරු පද්ධතිය මගින් ඉටු කළ යුතු මූලික කාර්යයන් හඳුනාගැනීමයි.
ඒ අනුව එසේ පද්ධතිය මගින් ඉටුකරගත යුතු කාර්යයන් හඳුනාගැනීමෙන් පසු දෙවන පියවර වෙත ගමන් කළ හැකියි. විසඳුම් සැලසුම් කිරීමේ අදියරේ මූලික අරමුණ වන්නේ පද්ධතියේ විවිධ දේ සැලසුම් කිරීමයි.

 මෙහි ප්‍රධාන අදියර හතක් හඳුනා ගත හැකියි.

  • ·         මෘදුකාංග හඳුනා ගැනීම හා මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම.
  • ·         අතුරුමුහුණත් නිර්මාණය හා දත්ත ගබඩා සැකසුම් නිර්මාණය.
  • ·         ප්‍රධාන දෘඩාංග පද්ධතිය සහ ඒවායේ සංඝටක හඳුනා ගැනීම.
  • ·         එක් එක් උප පද්ධති වල පරායත්ත බව හඳුනාගැනීම.
  • ·         පද්ධතිය ක්රියාත්මක කිරීම් සඳහා උචිත දෘඪාංග සහ මෘදුකාංග තීරණය කිරීම.
  • ·         මෘදුකාංග, දත්ත ගබඩා අතුරුමුහුණත් ටිතල ව්‍යුහය නිර්මාණය.
  • ·         පරීක්ෂණ සැලසුම් කිරීම.

 

 අපි දැන් මේ පියවර 7 කෙටි කෙටියෙන් විමසා බලමු.

මෘදුකාංග හඳුනාගැනීම හා මෘදුකාංග නිර්මිතය හඳුනාගැනීම

 ඔබ දන්නවා 11 ‍ශ්‍රේණියේ පළමු පාඩමේදි අපි කතා කළා මෘදුකාංග නිර්මාණය පිළිබඳව. Pascal භාවිතා කරමින් අපි ඉතා කුඩා වැඩසටහන් නිර්මාණය කළා. ඉතින් මෘදුකාංගයක් නිර්මාණය වන්නේ එවැනි  වැඩසටහන් විශාල ප්‍රමාණයක එකතුවකින්.

මෘදුකාංග නිර්මිතය යනු මෘදුකාංගයක් නිර්මාණයට පෙර එහි අඩංගු විය යුතු එක් එක් වැඩසටහන් හඳුනාගැනීමයි. එසේම එම වැඩසටහන් අතර තිබිය යුතු අන්තර් සබඳතාව නිර්මාණය කරගැනීමයි.

උදාහරණයක් වශයෙන් පුස්තකාලයක් සඳහා පද්ධතියක් නිර්මාණයේදී එම පද්ධතියේ එක් එක් කාර්යයන් සඳහා එක් එක් වැඩසටහන නිර්මාණය කළ යුතුය. ඉන්පසු ඒවා අතර සම්බන්ධතාවය නිර්මාණය කළ යුතුයි. පුස්තකාල පොත් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට එක් වැඩසටහනක් තිබිය යුතුයි. එසේම සාමාජිකයන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට තවත් වැඩසටහනක් තිබිය යුතුයි. එසේම සාමාජිකයන් පොත් රැගෙන යාමේදී ඒවා වාර්තා කිරීමටද තවත් වැඩසටහනක් තිබිය යුතුයි. ඔබට තේරුම් ගත හැකියි මෘදුකාංගයක මේ සියලු වැඩසටහන් අතර සම්බන්ධතාවයක් තිබිය යුතු බව. උදාහරණයක් වශයෙන් සාමාජිකයකු පොත් ලබා ගැනීමෙදී ඒවා සාමාජිකයා සම්බන්ධ වැඩසටහනේ වාර්තා විය යුතුයි. එසේම පුස්තකාල පොත් සම්බන්ධ වැඩසටහනේ ද එය වාර්තා විය යුතුය.

අතුරුමුහුණත් එනම්  පරිශීලකයාට තිරයේ දර්ශනය වන ආකාරය තීරණය හා දත්ත ගබඩා සැකසුම.

 මෘදුකාංග නිර්මිතයක් හඳුනාගැනීමෙන් පසු එම එක් එක්වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට අතුරු මුහුණතක් එනම් පරිගණකය තිරයේ නිර්මාණය කළ යුතුයි. ඔබ දන්නවා ඕනෑම මෘදුකාංගයක දී එහි අතුරු මුහුණත ඉතා වැදගත් කොටසක්. එයට හේතුව ඒ මගින් පරිශීලකයා මෘදුකාංගයට ප්‍රවේශවීම. මෙහිදී අතුරුමුහුණත පරිශීලකයාට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සරල විය යුතුයි. එසේම මෘදුකාංගයේ සෑම කාර්යයක්ම සඳහාම ප්‍රවේශ විය හැකි විය යුතුයි. මේ සඳහා අතුරු මුහුණත සුදුසු icons, menu ආදිය යොදා නිර්මාණය කළ යුතුයි.

(අපි Pascal පාඩමේදි මෙවැනි අතුරුමුහුණතක් නිර්මාණයය කළේ නැහැ. නමුත් බොහෝ පරිගණ භාෂාවල දී මෙවැනි අතුරු මුහුණතක් ද නිර්මාණය කළ යුතුයි)

ප්‍රධාන දෘඩාංග  පද්ධති සහ ඒවායේ සංඝටක හඳුනාගැනීම.

  මෙහිදී පද්ධතිය එක් එක් කාර්යයක් ඉටු කරගැනීමට අවශ්‍ය දෘඩාංග මොනවාද යන්න තීරණය කළ යුතුයි.  අපි මේ පාඩම් කතා කිරීමේදී පුස්තකාලය පද්ධතියක් පිළිබඳව උදාහරණයට ගත්තා. ඒ අනුව පුස්තකාල පද්ධතියක් සඳහා අවශ්‍ය දෘඩාංග අදාල පද්ධතිය අනුව අපි තීරණය කළ යුතුයි. පුස්තකාල පොත්වල barcode  පරිලෝකනය සඳහා barcode reader අවශ්‍ය විය හැක. එසේම පරිගණක යම් ප්‍රමාණයක්, මුද්‍රණ යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර ආදිය අවශ්‍ය විය හැක මෙවැනි දෘඩාංග මෙහිදී හඳුනාගත යුතුයි.

එක් එක් එක් එක් උප පද්ධති වල පරායත්ත බව හඳුනා ගැනීම

 මෘදුකාංගයක් යනු වැඩසටහන් රැසක එක්තුවක්. නොඑසේ නම් උප පද්ධති වල එකතුවක්. මීට පෙර අපි කතා කලා මේ උප පද්ධති අතර සබඳතාවයක් ඇති බව. කෙසේ වුවත් එක් එක් උපපද්ධතිය අතර සබඳතාවය වගේම  සබඳතාවය සීමාවන ස්ථානයන්ද හඳුනාගත යුතුයි.

පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෘඩාංග හා මෘදුකාංග තීරණය කිරීම.

මීට පෙර අදියරකදී අවශ්‍ය මෘදුකාංග හා හඳුනාගත්තා. මේ අදියරේදී එම දෘඩාංග හා මෘදුකාංග අවසාන වශයෙන් තීරණය කළ හැකියි.

මෘදුකාංග දත්ත ගබඩා අතුරුමුහුණත් පිළිබඳ යටිතල ව්‍යුහය නිර්මාණය

පද්ධතියේ  තිබෙන එක් එක් එක් වැඩසටහන සඳහා අවශ්‍ය දත්ත ගබඩා වගු  එක් එක් වැඩසටහන සඳහා අවශ්‍ය අතුරු මුහුණත් නිර්මාණය පිළිබදවයි.

පරීක්ෂණ සැලසුම් කිරීම.

 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ සිව්වන පියවර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමයි. එහිදී අවශ්‍ය වන පරීක්ෂණ සැලසුම් කිරීම මෙහිදී සිදුවේ.

 

විසඳුම් සැලසුම් කිරීමේ අදියර ඉහත පරිදි අපිට සාකච්ඡා කර අවසාන කරන්න පුළුවන්.

 

 කෙසේ වෙතත් මේ පියවරේදී සිදුකරන සියලු කටයුතු ඉතා නිවැරදිව හඳුනා ගැනීමට නියමිත පරිදි මෘදුකාංගයක් නිර්මාණය කළ යුතුයි. Pascal වලදී අපි ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගත්තා.  එම දැනුම අනුව ඉහත කරුණු තේරුම් ගැනීම් උත්සාහ කරන්න.

 

 පද්ධතිය සැලසුම් කිරීමේ අදියර අවසානයේදී අපිට මීළඟ පියවර එනම් තෙවන පියවර වෙත යා හැකියි. තෙවන පියවර නම්,

 

Tuesday, April 07, 2020

Google Classroom

Google Classroom

මෙම බ්ලොග් අඩවියේ ඇති සියළු ක්‍රියාකාරකම් වඩා පහසුවෙන් සිදු කිරීම සඳහා ඔබට Google Classroom තුළ ලියාපදිංචි විය හැක. එකතුවන්න Google Classroom සමග. 
  • Google ගිණුමක් නිර්මාණය කර ගන්න.
  • ඔබේ Google ගිණුමේ විස්තර ලබා දෙන්න.
  • Class code විමසූ විට පහත පරිදි ඇතුළත් කරන්න.


    Grade 10 - aq377cl
    Grade 11 - 3silzhj
වැඩි විස්තර සඳහා පින්තූර සමග පියවරෙන් පියවර තොරතුරු ලබා ගැනීමට පහත පිටුවෙට පිිවිසෙන්න.

Sunday, April 05, 2020

Grade 11 Lessons

11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පාඩම්වල පටුනක් මෙහි දක්වා ඇත. ඒ තුළින් ඔබට පහසුවෙන් අදාළ පාඩම් කියවීමට හැකියාව ඇත.

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම.
01) තොරතුරු පද්ධති - 01 කොටස 

02) තොරතුරු පද්ධති - 02 කොටස 
03) තොරතුරු පද්ධති - 03 කොටස 
04) තොරතුරු පද්ධති - 04 කොටස 
      තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය - හැඳින්වීම හා පළමු පියවර

05) තොරතුරු පද්ධති - 05 කොටස 
     (පාඩම ඇතුලත්කළේ 2020/05/10 දින)

Saturday, April 04, 2020

Grade 11 Exercises

11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පාඩම්වලට අදාළ පැවරුම්වල පටුනක් මෙහි දක්වා ඇත. ඒ තුළින් ඔබට පහසුවෙන් අදාළ පැවරුම් සඳහා ප්‍රවේශවීමේ හැකියාව ඇත.


තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම.
01) පැවරුම් අංක 01 
     තොරතුරු පද්ධති - 01 කොටස හා තොරතුරු පද්ධති - 02 කොටස කියවා පිළිතුරු  
     සපයන්න.

02) පැවරුම් අංක 02 
      තොරතුරු පද්ධති පාඩමේ 03 කොටස කියවා පිළිතුරු සපයන්න.
      රචනා ප්‍රශ්ණ
      බහුවරණ ප්‍රශ්න
      
       තොරතුරු පද්ධති පාඩමේ 04 කොටස කියවා පිළිතුරු සපයන්න.

ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ නිර්මාණය පාඩම - පුනරීක්ෂණ ගැටළු

(01) ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම පාඩමේ ව්‍යාජ කේත කොටස සහ තවත් කොටස් කිහිපයක්
       ආවරණය කරයි.
       බහුවරණ ප්‍රශ්ණ හා පිළිතුර ලිවිය යුතු රචනාමය ප්‍රශ්නවලින්ද යුක්ත වේ.
     click on following link.
    https://tinyurl.com/gataluvisadeema1

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම - පුනරීක්ෂණ ගැටළු
    

Grade 10 - Exercises

Grade 10 - Exercises

*2020 පළමු වාර විභාගය සඳහා ප්‍රශ්ණ පත්‍රය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම.

01) පැවරුම් අංක 01 - දත්ත හා තොරතුරු



ICT Documents

Resources for ICT

Resources for ICT

10  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.

සිංහල මාධ්‍යය.
(06) වදන් සැකසීම
(07) විද්‍යුත් පැතුරුම්පත්
(08) විද්‍යුත් සමර්පණ
(09) දත්ත සමුදාය

11  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.

සිංහල මාධ්‍යය.
(06) ICT හා සමාජය


10  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.
ඉංග්‍රීසි මාධ්‍යය.



11  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.

About me



  • Name - Manoj Dhananjaya Sri Kularathne
  • Position - ICT Teacher
  • Current Working Place - Dr. N.M. Perera M.M.V., Yatiyantota (2014 to Now)
  • Previous Working Places - 
                           Kg/Swarnajayanthi M.V., Kegalle                 (2009)

                           Kg/Mw/Zahira Natinal School, Mawanella   (2010 - 2013)
  • Working Experiences - 10 Years as an ICT Teacher
  • Mobile /Viber/ Whatsapp - 071 5201089
  • Email - manojdhananjaya@gmail.com








Grade 10 Lessons

Grade 10 Lessons will be listed here

Thursday, April 02, 2020

Google Classroom තුළට සිසුවෙකු ලෙස ඇතුළත් වීම.

Google Classroom තුළට සිසුවෙකු ලෙස ඇතුළත් වී කටයුතු කරන්නේ කෙසේද?

මෙම සටහන ලේඛණයක් ලෙස බාගත කර ගැනීමට යොමු වන්න,

ඔබේ ගුරුවරයකු විසින් ඔහුගේ Google classroom තුළට එකතු වී පාඩම් කරගෙන යන ලෙස ඔබට ඇරයුමක් ලැබුනහොත් එය සිදු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම බ්ලොග් සටහනෙන් විස්තර කෙරේ.‍

තොරතුරු තාක්ෂණය 10 හා 11 ශ්‍රේණි සඳහා මවිසින් නිර්මාණය කරන ලද Google classroom වෙත සිසුවෙකු ලෙස ඇතුළත් වී පැවරුම් සම්පූර්ණ කරන ආකාරය විස්තර කර ඇත. මේ ආකාරයට ඕනෑම අයෙකු විසින් සිදුකරන පන්තියකට එකතු වීමේ හැකියාව ඇත.

    1)    පහත ලිපිනය වෙබ් බ්‍රවුසරයේ ලිපින තීරුවේ දක්වන්න.

    2)   
එම පිටුවට ප්‍රවේශ වූ විට පහත පරිදි දිස් වේ. එහි Email or Phone ස්ථානයේ 
         ඔබේ Email ලිපිනය සටහන් කරන්න. Next, click කරන්න.



     3)   
පසුව ලැබෙන පිටුවේ Email ලිපිනයට අදාළ Password එක යොදන්න. Next,       click කරන්න. 


     4)    ඉන් පසු පහත පිටුව දිස් වේ. දකුණු පස ඉහළ කෙළවරේ ඇති create or join  
          your first class යන්න click කරන්න.



     5)   
එහි  Join class යන්න click කරන්න.


      6)    ඉන් පසු ඔබේ ගුරුවරයා ලබා දුන් Class code එක type කරන්න.join, click   
           කරන්න.
      මවිසින් නිර්මාණය කළ classes සඳහා class code වන්නේ,

     10 ශ්‍රේණිය ළමුන් - aq377cl

     11 ශ්‍රේණිය ළමුන් - 3silzhj


     7)    පසුව ඔබ අදාළ පන්තියේ සිසුවකු ලෙස ඇතුළත් කර ගැනීම සිදු වේ. වෙබ් 
          පිටුවේ people tab එක තුළ ඔබේ නම දිස් වනු ඇත.


       8)    වෙබ් පිටුවේ stream තුළ ගුරුවරයා විසින් ලබා දෙන විවිධ පණිවිඩ දැක බලා          ගත හැක. ඔබ විසින් අධ්‍යයනය කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව මග          පෙන්වීමක් එයින් ලබා ගත හැක.



     9)    ඔබට සිසුවෙකු ලෙස වැඩිපුරම යොමු විය යුත්තේ වෙබ් පිටුවේ ඇති   
          classwork තුළටය. එහිදී ඔබ විසින් කළ යුතු විවිධ වැඩ කොටස් දැක ගත                  හැක. එහිදී මුලින්ම දිස් වන්නේ මෑතකදී ඇතුළත් කරන ලද දේවල්ය.



      10)    
එහි විවිධ පාඩම්, ඉදිරිපත්කිරීම් හා විවිධ සටහන් ඇතුළත් විය හැක. 
             පහත දැක්වෙන්නේ ගුරුවරයා විසින් ඇතුළත් කරන ලද සටහනකි.




    11)     View material, click කිරීමෙන් ඔබට එය කියවන්නට පුළුවන.

(ඔබට මුලින් දැක ගන්නට ලැබෙන්නේ මෑතකදී ඇතුළත් කරන ලද සටහනක් නිසා ඔබ සම්බන්ධ වන්නේ පාඩමේ මැදින් වන්නට පුළුවන. එහිදී එම post එකට පහළින් ඇති post වල එම පාඩමට අදාළ මුල් සටහන් තිබේ. මුලින් එවා අධ්‍යයනය කරන්න. ඔබට අවශ්‍ය නම් ඒවා භාගත කර ගත හැකිය. එම සටහන් කියවීමේදී නිල් පැහැයෙන් දක්වා ඇති කොටස් ඔබේ සටහන් පොතේ සටහන් කරගන්නේ නම් පාඩමට අදාළ සටහන නිර්මාණය වේ.)



12)   Classwork තුළ ඔබ විසින් කළ යුතු පැවරුම්ද තිබේ. View assignment, click කරන්න.







     13)   පිළිතුරු ලබා දී අවසානයේ Submit, click කරන්න.



     14)    View score, click කිරීමෙන් ඔබේ ලකුණු හා නිවැරදි පිළිතුරු දැක ගත  
            හැකිය. මේ අතර එම පිළිතුරු පත්‍රය ගුරුවරයා වෙතද යැවේ.




     15)     මේ ආකාරයට එක් එක් පාඩම් කියවීමෙන් පසු අවශ්‍ය සටහන සටහන් 
            පොතේ සටහන් කර ගැනීම හා ඉන් පසු අභ්‍යාස සම්පූර්ණ කරන්න. ඔබට              අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම පාඩම් නැවත අධ්‍යයනය කළ හැකිය.


     16)    10 ශ්‍රේණියේ සියළු පාඩම් සඳහා කෙටි සටහන් හා පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කිරීමට අදහස් කරන අතර අභ්‍යාස ඇතුළත් කරන ඒ ඒ අවස්ථාවල හැකි පරිදි ඒවා නිම කිරීමෙන් හැකි පමණ පාඩම් අවසාන කිරීමට උත්සාහ කරමු.
Google classroom තුළ ඇති සියළු සටහන් තවත් පහසුවෙන් කියවීමට පහත බ්ලොග් අඩවියට පිවිසෙන්න.




      17)   මෙහිදීද මුලින් දැක්වෙන්නේ අවසානයට ඇතුළත් කරන ලද බ්ලොග් 
            සටහන්ය. ඒවාට අදාළ මුල් සටහන් කියවීමට දකුණු පස මැද කොටසේ ඇති          2020 වර්ෂය click කර අදාළ පරිදි මාතෘකාව කියවා අවශ්‍ය බ්ලොග්            
            සටහන ලබා ගන්න.





Good Luck you all!
 සටහන :-
මනෝජ් ධනංජය
(ICT විෂය භාර ගුරු - ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි, යටියන්තොට)