Thursday, April 02, 2020

Google Classroom තුළට සිසුවෙකු ලෙස ඇතුළත් වීම.

Google Classroom තුළට සිසුවෙකු ලෙස ඇතුළත් වී කටයුතු කරන්නේ කෙසේද?

මෙම සටහන ලේඛණයක් ලෙස බාගත කර ගැනීමට යොමු වන්න,

ඔබේ ගුරුවරයකු විසින් ඔහුගේ Google classroom තුළට එකතු වී පාඩම් කරගෙන යන ලෙස ඔබට ඇරයුමක් ලැබුනහොත් එය සිදු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම බ්ලොග් සටහනෙන් විස්තර කෙරේ.‍

තොරතුරු තාක්ෂණය 10 හා 11 ශ්‍රේණි සඳහා මවිසින් නිර්මාණය කරන ලද Google classroom වෙත සිසුවෙකු ලෙස ඇතුළත් වී පැවරුම් සම්පූර්ණ කරන ආකාරය විස්තර කර ඇත. මේ ආකාරයට ඕනෑම අයෙකු විසින් සිදුකරන පන්තියකට එකතු වීමේ හැකියාව ඇත.

    1)    පහත ලිපිනය වෙබ් බ්‍රවුසරයේ ලිපින තීරුවේ දක්වන්න.

    2)   
එම පිටුවට ප්‍රවේශ වූ විට පහත පරිදි දිස් වේ. එහි Email or Phone ස්ථානයේ 
         ඔබේ Email ලිපිනය සටහන් කරන්න. Next, click කරන්න.



     3)   
පසුව ලැබෙන පිටුවේ Email ලිපිනයට අදාළ Password එක යොදන්න. Next,       click කරන්න. 


     4)    ඉන් පසු පහත පිටුව දිස් වේ. දකුණු පස ඉහළ කෙළවරේ ඇති create or join  
          your first class යන්න click කරන්න.



     5)   
එහි  Join class යන්න click කරන්න.


      6)    ඉන් පසු ඔබේ ගුරුවරයා ලබා දුන් Class code එක type කරන්න.join, click   
           කරන්න.
      මවිසින් නිර්මාණය කළ classes සඳහා class code වන්නේ,

     10 ශ්‍රේණිය ළමුන් - aq377cl

     11 ශ්‍රේණිය ළමුන් - 3silzhj


     7)    පසුව ඔබ අදාළ පන්තියේ සිසුවකු ලෙස ඇතුළත් කර ගැනීම සිදු වේ. වෙබ් 
          පිටුවේ people tab එක තුළ ඔබේ නම දිස් වනු ඇත.


       8)    වෙබ් පිටුවේ stream තුළ ගුරුවරයා විසින් ලබා දෙන විවිධ පණිවිඩ දැක බලා          ගත හැක. ඔබ විසින් අධ්‍යයනය කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව මග          පෙන්වීමක් එයින් ලබා ගත හැක.



     9)    ඔබට සිසුවෙකු ලෙස වැඩිපුරම යොමු විය යුත්තේ වෙබ් පිටුවේ ඇති   
          classwork තුළටය. එහිදී ඔබ විසින් කළ යුතු විවිධ වැඩ කොටස් දැක ගත                  හැක. එහිදී මුලින්ම දිස් වන්නේ මෑතකදී ඇතුළත් කරන ලද දේවල්ය.



      10)    
එහි විවිධ පාඩම්, ඉදිරිපත්කිරීම් හා විවිධ සටහන් ඇතුළත් විය හැක. 
             පහත දැක්වෙන්නේ ගුරුවරයා විසින් ඇතුළත් කරන ලද සටහනකි.




    11)     View material, click කිරීමෙන් ඔබට එය කියවන්නට පුළුවන.

(ඔබට මුලින් දැක ගන්නට ලැබෙන්නේ මෑතකදී ඇතුළත් කරන ලද සටහනක් නිසා ඔබ සම්බන්ධ වන්නේ පාඩමේ මැදින් වන්නට පුළුවන. එහිදී එම post එකට පහළින් ඇති post වල එම පාඩමට අදාළ මුල් සටහන් තිබේ. මුලින් එවා අධ්‍යයනය කරන්න. ඔබට අවශ්‍ය නම් ඒවා භාගත කර ගත හැකිය. එම සටහන් කියවීමේදී නිල් පැහැයෙන් දක්වා ඇති කොටස් ඔබේ සටහන් පොතේ සටහන් කරගන්නේ නම් පාඩමට අදාළ සටහන නිර්මාණය වේ.)



12)   Classwork තුළ ඔබ විසින් කළ යුතු පැවරුම්ද තිබේ. View assignment, click කරන්න.







     13)   පිළිතුරු ලබා දී අවසානයේ Submit, click කරන්න.



     14)    View score, click කිරීමෙන් ඔබේ ලකුණු හා නිවැරදි පිළිතුරු දැක ගත  
            හැකිය. මේ අතර එම පිළිතුරු පත්‍රය ගුරුවරයා වෙතද යැවේ.




     15)     මේ ආකාරයට එක් එක් පාඩම් කියවීමෙන් පසු අවශ්‍ය සටහන සටහන් 
            පොතේ සටහන් කර ගැනීම හා ඉන් පසු අභ්‍යාස සම්පූර්ණ කරන්න. ඔබට              අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම පාඩම් නැවත අධ්‍යයනය කළ හැකිය.


     16)    10 ශ්‍රේණියේ සියළු පාඩම් සඳහා කෙටි සටහන් හා පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කිරීමට අදහස් කරන අතර අභ්‍යාස ඇතුළත් කරන ඒ ඒ අවස්ථාවල හැකි පරිදි ඒවා නිම කිරීමෙන් හැකි පමණ පාඩම් අවසාන කිරීමට උත්සාහ කරමු.
Google classroom තුළ ඇති සියළු සටහන් තවත් පහසුවෙන් කියවීමට පහත බ්ලොග් අඩවියට පිවිසෙන්න.




      17)   මෙහිදීද මුලින් දැක්වෙන්නේ අවසානයට ඇතුළත් කරන ලද බ්ලොග් 
            සටහන්ය. ඒවාට අදාළ මුල් සටහන් කියවීමට දකුණු පස මැද කොටසේ ඇති          2020 වර්ෂය click කර අදාළ පරිදි මාතෘකාව කියවා අවශ්‍ය බ්ලොග්            
            සටහන ලබා ගන්න.





Good Luck you all!
 සටහන :-
මනෝජ් ධනංජය
(ICT විෂය භාර ගුරු - ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි, යටියන්තොට)

 

Wednesday, April 01, 2020

තොරතුරු පද්ධති - 04 කොටස - පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හැදින්වීම හා අවශ්‍යතා හඳුනා ගැනීමේ අදියර


තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
System Development Life Cycle


අද අපි හමුවන්නේ තොරතුරු පද්ධති පාඩමේ හතරවන කොටසත් සමගයි. අද මාතෘකාවත් ඉතා වැදගත්. අපි පළමුවෙනි පාඩමේදී  කතා කලා යම් ආයතනයක් පරිගණකගත කිරීමේදී එය යම් කිසි පිළිවෙළකට සැලසුම්සහගතව සිදු විය යුතු බව. ඉතිං ඒ විදිහට සැලසුම්සහගතව පද්ධතියක් නිර්මාණය කරන පිළවෙළ පිළිබඳව අපි අද කතා කරමු.
අපේ මාතෘකාව තමයි තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා system sevelopment life cycle (SDLC)  කියලා.

මොකද්ද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ?

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ තොරතුරු පද්ධතියක් ගොඩනැගීමට භාවිතා කරන පියවර සමුදායකින් යුත් ක්‍රියාවලියක්. 
මේක ජීවන චක්‍රයක් කියලා හඳුන්වන්න හේතුව තමයි මෙහි නිශ්චිත අවසානයක් නොමැතිවීම. හරියට ජල චක්‍රය වගේ.
ඉතිං පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6 ක් අපට හඳුනා ගන්න පුළුවන්. ආයතනයකට අවශ්‍ය  පද්ධතියක් නිරමාණය කර ගත යුත්තේ එම පියවර අනුවයි.

අපි බලමු ඒ පියවර මොනවද කියලා.


1.අවශ්‍යතා හඳුනා ගැනීම. (Identification of requirments)
2.විසඳුම සැලසුම් කිරීම. (Designing the solution)
3.විසඳුම කේතකරණය.(Coding the solution)
4.විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම.
(Testing & Debuging)
5.පද්ධතිය පිහිටුවීම. (Deployment of the system)
6.පද්ධතිය නඩත්තු කිරීම.(Maintenance of the system)

මේ පියවර හය අනුගමනය කරන විට ඕනෑම ගැටළුවකට අදාළව ඕනෑම සංවිධානයක් සඳහා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. 
මේ පියවර අනුව යම් පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාමේදී නව අවශ්‍යතා මතුවිය හැකි අතර එවිට ඒවා සපුරා ගැනීමට පළමුවෙන්ගි පියවරට ගොස් මෙම ක්‍රියාවලිය පුනර්කරණය කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ආයතනයකදී නොනැසී පවතින අඛණ්ඩ ක්‍රියාවලීයක්. ඒ නිසා මේ ක්‍රියාවලිය චක්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අපි දැන් බලමු මේ එක් එක් පියවරේදී කළ යුතු කාර්යයන් මොනවාද කියලා.

අවශ්‍යතා හඳුනා ගැනීම.


මෙහිදී අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කාර්යයන් මොනවාද යන්නයි. 
අවශ්‍යතා හඳුනාගැනීමේ පියවරේදී සිදු කරන්නේ පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කාර්යයන් මොනවාද යන්න හඳුනා ගැනීමයි. බොහෝ විට පද්ධතිය හඳුන්වාදීමට බලාපොරොත්තුවන සංවිධානය තුළ මේ වන විට අත්යුරු පද්ධතියක් තිබෙන්නට පුළුවන්. එසේම සමහර විට පරිගණක පාදක පද්ධතියක් තිබෙන්නටත් පුළුවන්.

ඒ ආකාරයට පවතින පද්ධතිය පිළිබඳව පූර්ණ විමසීමක් සිදු කර නව පද්ධතියේ අරමුණු, ප්‍රතිලාභ, කාර්යක්ෂමතාව ආදී දේ පිළිබඳව සොයා බලා ඒවා සටහන් කර ගැනීම මෙහිදී සිදු කළ යුතුයි.

මෙහිදී පද්ධති විශ්ලේෂක විසින් පවතින පද්ධතිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නව අවශ්‍යතා හදුනා ගනු ලබයි. මෙහිදී මේ සදහා අවශ්‍ය දත්ත රැස් කර ගැනීමට විවිධ ක්‍රමවේද යොදා ගැනීම සිදු කෙරේ.

      ·       නිරීක්ෂණය (Observation)
      ·       සම්මුඛ සාකච්ජා (Interview)
      ·       ප්‍රශ්නාවලි (Questionnaires)
      ·       වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය     
         (Document sample collection)
      ·       මූලාදර්ශ (Prototyping)

උදාහරණයක් ලෙස දැනට අත්යුරු ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන පාසල් පුස්තකාල පද්ධතියක් පරිගණක පාදක පද්ධතියක් බවට පත් කිරීමට සිදු වූයේ යැයි සිතමු. මෙහිදී පද්ධති විශ්ලේෂක  ඇතුළු පද්ධතිය ගොඩ නගන කණ්ඩායම හා ආයතනයේ සේවක මණ්ඩලය එකතුව අවශ්‍යතා එකු රැස් කළ යුතුයි. එනම් පුස්තකාලයට නව පරිගණක පද්ධතිය මගින් ඉටු කරගත යුතු කාර්යයන් මොනවාද යන්න විමසා බැලියි යුතුයි. මෙහදී පද්ධති විශ්ලේෂක විසින් නව අවශ්‍යතා හඳුනා ගනු ලබයි.

අපි දැන් මෙය ප්‍රායෝගිකව ඉටු කරන අයුරු විමසා බලමු. 

නිරීක්ෂණය


පුස්තකාල පද්ධතියේ නව අවශ්‍යතා සොයා බැලීම අපිට පන්ති කාමරය හෝ නිවසේ සිටිමින් කරන්නට බැහැ. අපි ඒ සඳහා පළමුව පුස්තකාලයට යා යුතුයි. පුස්තකාලයේ වර්තමාන තත්වය හා එහිදී සිදු වන කාර්යයන් පහසුවෙන්ම අවබෝධ කර ගන්නට පුළුවන් එහිදී සිදු කරන නිරීක්ෂණයක් මගින්. පොත් පත් නිකුත් කරන අයුරු, පොත් පත් භාර ගන්නා අයුරු හා ඒවා වාර්තා කර ගන්නා අයුරු එහිදී මනාව නිරීක්ෂණය කර ගන්නට පුළුවන්.

සම්මුඛ සාකච්ජා


එම නිරීක්ෂණයෙන් පසුව අපිට පුළුවන් පුස්තකාලාධිපති හමු වී ඔහු සමග කරනු ලබන සම්මුඛ සාකච්ජාවක් මගින් නිරීක්ෂණයෙන් හඳුනාගත් කරුණු තව දුරටත් පැහැදිලි කර ගැනීමට. පුස්තකාලාධිපති මගින් පුස්තකාල පද්ධතිය මගින් ඉටු කර ගත යුතු කරුණු බොහෝමයක් අනාවරණය කර ගැනීමට හැකි  වනු ඇත.

 ප්‍රශ්නාවලි 


පුස්තකාල පද්ධතිය භාවිතා කරන සාමාජිකයන් ඒ සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවය නිසා ඔවුන්ගෙන්ද නව අවශ්‍යතා පිළිබඳව අදහස් ලබා දිය හැකි වනු ඇත. කෙසේ වුවත් මෙහිදී එක් එක් සාමාජිකයා සමග සම්මුඛ සාකච්ජා පැවැත්විය නොහැක. මෙහිදී අනුගමනය කළ යුතු උපක්‍රමය වන්නේ ප්‍රශ්නාවලි භාවිතා කිරීමයි. එහිදී පොදු ප්‍රශ්නාවලියක් නිර්මාණය කර ගෙන පුස්තකාල සාමාජිකයන් වෙත අහඹු ලෙස බෙදා දී ඒවාට පිළිතුරු ලබා ගත හැකියි. ඒවා විශ්ලේෂණය කර නව අවශ්‍යතා හඳුනා ගත හැකියි.

   වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය


එසේම පුස්තකාලය සතුව මේ වන විට ක්‍රියාත්මක අත්යුරු පද්ධතිය තුළ විවිධ පොත් පත්වල දත්ත විශාල වශයෙන් වාර්තා වී තිබෙනු ඇත. එම වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කිරීමෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැක. එනම් පුස්තකාලයේ ඇති වාර්තා, පුස්තකාල කාඩ්පත ආදිය නිරීක්ෂණය කිරීමයි.

  මූලාදර්ශ


මේ සියළු උපක්‍රම මගින් අවශ්‍යතා හඳුනාගන්නා අතර සමහර අවස්ථාවක පුස්තකාල කාර්ය මණ්ඩලය වෙත නව පද්ධතිය පිළිබඳ පැහිදිලි අදහසක් නොතිබිය හැකිය. එවැනි අවස්ථාවක නව පුස්තකාල පද්ධතිය පිළිබඳ අනුරුවක් නිර්මාණය කර ඒ අය වෙත පෙන්විය හැකි නම් ඔවුනට පහසුවෙන් එය අවබෝධ කරගත හැකි වනු ඇත. මෙහිදී නව පද්ධතියේ තිබිය හැකි දර්ශන, වාර්තා, සාම්පල ආදිය යොදා ගත හැක.

අදට පාඩම අවසානයි. දැන් අපි පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයමු.
මේවාට පිළිතුරු සැපයීම මේ පිටුවේ සිටම කළ හැකි අතර වෙනම පිටුවකට ලබා ගැනීමට පහත පිටුව වෙත යන්න.
https://tinyurl.com/paddathi3