Saturday, March 28, 2020

තොරතුරු පද්ධති - පැවරුම් අංක 01 (බහුවරණ)

තොරතුරු පද්ධති පාඩමේ පළමු අභ්‍යාසය සඳහා පහත ප්‍රශ්න පත්‍රයට මාර්ගගතව පිළිතුරු සපයන්න.
https://tinyurl.com/paddathi1
තොරතුරු පද්ධති

Tuesday, March 24, 2020

11 ශ්‍රේණිය - තොරතුරු පද්ධති - 02 කොටස.

පද්ධතියක් යනු කුමක්ද? පද්ධතියක මූලික ලක්ෂණ.
අපි මුලින්ම බලමු පද්ධතියක් කියන්නේ   මොකද්ද කියලා. ඔයාලා පද්ධතිය කියන වචනය විවිධ අවස්ථාවලදි අහලා ඇති.මිනිස් සිරුර ආශ්‍රිතව ආහාර ජීර්ණ පදධතිය, ශ්වසන පද්ධතිය වගේ අවස්ථාවල වගේම ප්‍රවාහන පද්ධතිය, බැංකු පද්ධතිය, ජලාපවාහන පද්ධතිය වගේ අවස්ථාවල දීත් ඔබ මේ වචනය අහලා ඇති. ඔබ දන්නවා මේ මොහොතේ අපේ රටේ මෙවැනි පද්ධති බොහෝමයක් අකර්මණ්‍ය වයි පවතින්නේ..ඉතිං මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ….
පද්ධතියක් පිළබඳ විමසා බැලීමේදී අපට වැටහෙන එක් කාරණයත් තමයි පද්ධතිය කියන එක යම් කිසි එක දෙයක් පමණක් අඩංගු දෙයක් නෙවෙයි..එය විවිධ දේවල් නැතිනම් විවිධ කොටස්වල එකතුවක් විය යුතුයි..ඒ වගේම විවිධ දේවල් නැතිනම් කොටස් ගොඩක් තිබුණත් ඒවා අතර මනා අන්තර් සම්බන්ධතාවයක්ද තිබිය යුතුයි..එසේම පද්ධතියක් විසින් ඉටුකරන යම් කාර්ය සමුදායකුත් තිබිය යුතුයි.
අපි උදාහරණයක් වශයෙන් ගතහොත් මිනිස් සිරුරේ ඇති ආහාර ජීර්ණ පද්ධතිය. එය අවයව රාශියක එකතුවක්. දත්, දිව, කුඩා බඩවැල් හා මහ බඩවැල් ආදී වශයෙන්..එසේම මෙම අවයව අතර මනා සම්බන්ධතාවයකුත් තිබෙනවා..තව වැදගත් කාරණයක් තමයි මේ අවයව එකිනෙකාට පැවරී ඇති යම් කාර්යයක් සම්පූර්ණ කරනවා..ඔබට ආහාරයක සුවඳක් දැනෙන විටරස නහර පිනා ගොස් කටට කෙළ උනනවා...එයයි ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ ආරම්භය.ඉන් පසු ඔබ ආහාර ගන්නා මොහොතේ දත් මගින් ඒවා කුඩා කොටස්වලට වෙන් කර දෙනවා..එසේ කුඩා කොටස්වලට වෙන් කරන අතරේ ආමාශය ආහාර භාර ගැනීමට සූදානම් වෙනවා..ආහාර ජීර්ණයට   අවශ්‍ය විවිධ එන්සයිම වර්ග ආමාශයට එකතු වෙනවා. ඒ අනුව පැහැදිලියි එක් එක් අවයව තම කාර්යය සම්පූර්ණ කරන විට අනෙකුත් අවයව සමගද සම්බන්ධවයි එම කාර්යය සම්පූර්ණ කරන්නේ..ආහාර ජීර්ණ පද්ධතියේ එම සියළු අවයව තමාට හිමි කාර්යය සම්පූර්ණ කරන විට පද්ධතියේ සමස්ත අරමුණ ඉෂ්ට වෙනවා. එනම් මනාව ආහාර ජීර්ණය කර දීමයි. යම් හෙයකින් එක් අවයවයක් හෝ තම කාර්යය සම්පූර්ණ කිරීමට ආපාහොසත් වුවහොත් සිදු වන්නේ කුමක්දැයි ඔබ හොඳින්ම දන්නා අත්දැක ඇති කාරණයක්. මා මෙසේ විස්තර කළ කරුණු පහත පරිදි සාරාංශගත කර දැක්විය හැකියි.









මේ අනුව පද්ධතියක් යන්න පහත පරිදි අර්ථදක්වන්න පුළුවන්.
පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවකි.
පද්ධති සඳහා උදාහරණ- පාසල් පදධතිය, මිනිස් සිරුර, බැංකු පද්ධතිය, රෝහල් පද්ධතිය

පද්ධතියක මූලික අංග ගණනාවක් පවතිනවා. දැන් අපි ඒ පිළිබඳව විමසා බලමු.
ඕනෑම පද්ධතියක ක්‍රියාකාරීත්වය සඳහා විවිධ වූ මූලික දේවල් පිටතින් ලබා දිය යුතු වෙනවා. ඒවා ආදාන ලෙස හදුන්වනවා. එම ආදාන රැගෙන පද්ධතිය විසින් සිදු කරන්නේ විවිධ වූ ක්‍රියාවලීන්ට එම ආදාන භාජනය කිරීමයි. එම ක්‍රියාවලීන් අවසානයේ පිටතට ලබා දෙන ප්‍රතිඵලයක්ද තිබෙනවා.අපි එය ප්‍රතිදානය ලෙස හඳුන්වනවා.



උදාහරණයක් ගතහොත් පාසල් පද්ධතියට අවශ්‍ය ආදාන වන්නේ පලමුව එහි ඉගෙනුම ලබන ළමුන්, එ වගේම පන්ති කාමර, විද්‍යාගාර, පෙළ පොත්, පරිගණක විද්‍යාගාර ආදිය ද එයට අවශ්‍ය ආදාන වෙනවා.
එසේ නම් පාසල් පද්ධතියේ පවතින සැකසීම් නැතහොත් ක්‍රියාවලීන් මොනවාද? 
ප්‍රධානම සැකසීම් වන්නේ ඉගැන්වීම හා ඉගෙනගැනීමයි. එසේම ඇගයීම් කටයුතු සඳහා විභාග පැවැත්වීම, ක්‍රීඩා උත්සව පැවැත්වීම, සාහිත්‍ය උත්සව පැවැත්වීම ආදී සියල්ල පාසල් පද්ධතියේ සැකසීම් වනවා.
අවසානයේදී පාසල් පද්ධතිය මේ සියළු සැකසීම්වලින් පසුව බලාපොරොත්තුවන ප්‍රතිදානය වන්නේ යහපත් උගත් පුරවැසියෙකි.

මේ ආකාරයට හඳුනාගත හැකි පද්ධති කිහිපයක් හා ඒවායේ ආදාන, සැකසීම් හා ප්‍රතිදාන පහත පරිදි හඳුනා ගනිමු.



පාසල් පද්ධතිය හැරුණු කොට වෙනත් පද්ධතියක ආදාන, සැකසීම් හා ප්‍රතිදාන මොනවාදැයි බලමු.




අද දින පාඩමෙන් ඔබ ඉගෙන ගත යුතු මූලික කරුණු මෙසේ දක්වන්නම්.

  • පද්ධතියක් යනු කුමක්ද?
  • පද්ධතියක මූලික ලක්ෂණ මොනවාද?
  • උප පද්ධතියක්/අවයව යනු මොනවාද?
  • පද්ධතියක මූලික සංඝටක මොනවාද?


මේවාය පිළිතුරු ඉහත පාඩම නැවත කියවා ලබා ගන්න...තොරතුරු පද්ධති පාඩමේ මීළග කොටසින් හමු වෙමු..

අභ්‍යාස සඳහා-


Manoj Dhananjaya (ICT teacher @ DR NMP MMV)



Saturday, March 21, 2020

11 ශ්‍රේණිය - තොරතුරු පද්ධති - 01 කොටස


තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
Information System Development Process


11 ශ්‍රේණියේ පළමු පාඩමේදී අවධානය යොමු වූයේ පරිගණකය මගින් විවිධ ගැටළු විසදීම සදහා අවශ්‍ය ක්‍රමලේඛ නිර්මාණය සම්බන්ධවයි. එහිදී අපි පැස්කල් ක්‍රමලේඛණ භාෂාව භාවිතා කර විවිධ සරල ගැටළු සඳහා ක්‍රමලේඛණ නිර්මාණය කළ බව ඔබට මතක ඇති. එසේම එවැනි ක්‍රමලේඛණ නිර්මාණය පිළිබඳ තවදුරටත් හැදෑරීමෙන් පරිගණක පද්ධති සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කළ හැකි බව ඔබ මේ වන විට අවබෝධ කර ගෙන සිටියි.
එසේ නම් ඔබ අනාගතයේදී පරිගණකයට අවශ්‍ය මෘදුකාංග නිපදවන ක්‍රමලේඛකයකු බවට පත්වූයේ යැයි සිතමු. එවැනි අවස්ථාවක ඔබට සිදුවන්නේ විවිධ සංවිධානවල පරිගණක පද්ධති සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කර එම පද්ධති සකස් කර දීමටයි.
උදාහරණයක් වශයෙන් ව්‍යාපාර ආයතනයක් විසින් එම ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු වාර්තා කිරීමට මෘදුකාංගයක් ඉල්ලා සිටියහොත් එය නිර්මාණය කර දිය යුතුය. එසේම තවත් විටෙක පාසල් පුස්තකාලයකින් ඉල්ලා සිටියහොත් එම පුස්තකාලයේ පොත් බැහැරදීම් හා භාරගැනීම් වාර්තා කිරීමට ඉල්ලා සිටි විටෙක එය නිර්මාණය කර දිය යුතුය.
මේ ආකාරයට පරිගණක ක්‍රමලේඛකයා විටෙක ව්‍යාපාර ආයතනයකට මෘදුකාංග නිපදවයි. තවත් විටෙක පාසලක කටයුතු කළමණාකරණයට මෘදුකාංග නිපදවයි. එසේම තවත් අවස්ථාවලදී බැංකු පද්ධතියකට, රෝහලකට හෝ හෝටල් පද්ධතියකට අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරයි.
මෙවැනි විවිධ වූ ආයතන සමග කටයුතු කිරීමට නම් ක්‍රමලේඛකයා සතුව මේ සෑම ආයතනයක් පිළිබඳව ම දැනුමක් තිබිය යුතු බවට ඔබට වටහා ගත හැකිය. උදාහරණයක් වශයෙන් යම් ව්‍යාපාර ආයතනයක කටයුතු පරිගණකගත කිරීම සඳහා මෘදුකාගයක් නිර්මාණය කිරීමට පෙර එම ව්‍යාපාර ආයතනයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. පුස්තකාලයකට මෘදුකාංග නිර්මාණයට සූදානම් වන ඔබ පුස්තකාලයේ කටයුතු සිදු වන ආකාරය පිළිබඳ මනා වැටහීමක සිටිය යුතුය.
මෙවැනි තත්වයක් අවබෝධ කර ගත් ඔබ දැන් සිතනුයේ මෘදුකාංග නිර්මාණය කෙසේ වෙතත් මෙවැනි විවිධ ආයතන රැසක් පිළිබඳව තනි පුද්ගලයකු දැනුම ලබා ගෙන සිටින්නේ කෙසේද යන්න පිළිබඳ විය යුතුය. එසේම අනාගතයේදී ක්‍රමලේඛකයකු වීමට සිතා සිටි ඔබ දැන් එය ඉතා අසීරු වනු ඇතැයි උපකල්පනය කර ඇත. එවැනි ආයතනයකට මෘදුකාංග නිර්මාණය කුමන ස්ථානයකින් ආරම්භ කර කුමන පියවර ඔස්සේ යා යුතුද යන්න ද ගැටළුවක් වනු ඇත.
නැත. ඔබ කිසි සේත් අධෛර්යමත් විය යුතු නැත. ඕනෑම සංවිධානයකට නැතහොත් ආයතනයකට අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කර එම පද්ධතිය නිර්මාණය උදෙසා අනුගමනය කළ හැකි පොදු ක්‍රමවේද ක්‍රමලේඛකයන්ගේ පහසුව උදෙසා හදුන්වා දී ඇත.
එම ක්‍රමවේද පිළිබඳව අපි තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම යටතේ සාකච්ජා කරමු.

මෙම පාඩමේදී අප පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
·      පද්ධතියක් යනු කුමක්ද
·      පද්ධතියක සංඝටක පද්ධති
·      අත්යුරු තොරතුරු පද්ධති හා පරිගණක පාදක තොරතුරු පද්ධති
·      පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
·      පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘති

අපි මෙම එක් එක් මාතෘකාව පිළිබඳව කරුණු සොයා බලමු. මී ළග බ්ලොග් සටහන හරහා අපි එම මාතෘකා ආරම්භ කරමු.

Wednesday, March 18, 2020


“Let’s Be Smart…” Message from smart school Team
      පසුගිය 2019 වසරේ දී අප පාසල සුහුරු පාසලක් (smart school) බවට පත් කිරීම සදහා අවශ්‍ය විවිධ පුහුණුවීම්, වැඩමුළු ගණනාවක් පැවැත්වීමට අපට හැකි විය. ඒ සදහා බොහෝදෙනෙකු සහභාගි කරවා ගැනීමට හැකි වූ අතර තවත් පිරිස් වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත. දැන් උදා වී ඇත්තේ smart school සංකල්පය ප්‍රායෝගික ව භාවිතා කළ යුතු මොහොතකි.
        YouTube, Whatsapp, Messenger ආදී මාධ්‍යයන් ඔස්සේ ඔබේ සිසුන් හා එක් වී මේ නිවාඩු සමයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මග පෙන්වීමට Dialog smart school Team සූදානමින් සිටියි. එයද අන්තර්ජාලය ඔස්සේ සිදු වන අතර පහත සබැදිය ඔස්සේ ගොස් ඒ සදහා ලියාපදිංචිවීම දැන් සිදු කළ හැකියි.



එහිදී ඔබට පුහුණුව අවශ්‍ය ක්ෂේත්‍ර විවිධ ඒවා පවතින අතර ඒ අතරින් අවශ්‍ය ප්‍රමාණයක් තෝරන්න. ඒ පිළිබද දැනුමක් නොමැති නම් other යටතේ ඔබට දැනුම අවශ්‍ය ක්‍ෂේත්‍රය දක්වන්න.(උදා - teaching through whatsapp/YouTube)



8.Select the tools that you want us train? ඔබව පුහුණු කිරීමට අප තෝරගත යුතු මෙවලම් තෝරන්න நீங்கள் எங்களிடம் பயிற்சிபெற விரும்பும் கருவியினை தெரிவு செய்க.



For more details,        
Add to Messenger group YCC...

Friday, July 05, 2019




Audio Editing Software ශබ්ද සංස්කරණ මෘදුකාංග...

Use following link to download Audacity software and other sound files for your sound editing lesson
2019/07/05

https://drive.google.com/drive/folders/1mfWju-dRyk2nhtFJaojciHjUAKgjLDix


Thursday, July 04, 2019

Thank You Dialog 4G

DIALOG 4G

Today 4th July 2019, I configured my new Dialog Home Broadband connection in my home.
I was surprised because I could configure it to obtain quality 4G signal in my place. 

 Im using internet since 2007 in my home. Very fistly I used CDMA phone and SLT net card to nnect with internet. later i used sony erricson phone to connect using 2G signals. And next I used USB Dongal and I obtain only 500kbps - 1MB speed.
But today I got brand new Dialog router and obtained 28Mbps Speed.
This is the internet I want when Im in home..
Even I have internet in school and other places I go it is very important to have proper connection in hme also...

Friday, March 29, 2019

Smart School Training program - Kandy 2019/03/29

Smart School Training program - Kandy 2019/03/29


Today I participated a smart school program conducted by ICBT - Kandy. It was a very valuable program. I got new knowledge regarding the smart school concept. we did lot of practicals.
We participated as a group of 5 members.

During a one session we make new friends from other schools. I met a teacher from Mawanella Nagargiri M.V. 
Her name is Anuradha Udeni Kumari.
We talked each oher and share our ideas.
She said she like to be friend with others every time....

We enjoyed and studied lot of things today...

following is a capture from my profile in Microsoft Educator Protal..